අපහාස ආවත් මුහුණ දීමට සුදානම්

නොවැ 21, 2018

    පාර්ලිමේන්තුවේ ඇතිවූ කඩාකප්පල්කාරී ක්‍රියාදාමයන්ට නිර්භයව මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට කැපවූ සියලු දෙනාටම කෘතඥතාව පළකරන බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, සර්ව ආගමික නායකයන්, දේශීය මෙන්ම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආශිර්වාදය හා අසීමිත සෙනෙහස තමන්ට ලැබුණු බවයි. උද්ඝෝෂණ සහ වෙනත් විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ තමන්ට පදනම් විරහිත චෝදනා එල්ල කරන බව පවසන කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව බහුතර මතයට කන්දීම පැහැර හැරිය නොහැකි වගකීමක් බව ද පෙන්වා දෙයි.

    ඔහු පවසන්නේ, ඉදිරියේ දී ද කොතරම් අපහාස, විරෝධතා හා ජිවිත තර්ජන පැමිණිය ද මාතෘ භූමියේ ප්‍රජාතන්ත්‍රවාදය රැකදීමට සූදානම් බවයි. නූපන් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට දිවි හිමියෙන් කැපවන බව ද කතානායකවරයා අවධාරණය කරනවා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 21 නොවැම්බර් 2018 19:23

    Latest News