පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ඊයේ කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. නවීන් දිසානායක මහතා ඊයේ මහනුවරදී කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයට තරුණ හෝ මැදිවියේ හෝ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි.
“එතුමා ඉඟි-බිඟි කරලා පෙන්වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාටවත් වෙනත් කිසිදු අපේක්ෂකයෙකුට අපේක්ෂකත්වය ලැබෙන්නේ නැහැ කියන එක නේද? පුලුවන්නම් දෙමළ ජාතික සන්ධානය ලවා ප්‍රකාශයක් කරවන්න ඔවුන්ගේ ඒ සහය එජාප අපේක්ෂකයාටයි කියලා. පුලුවන්නම් ජනතා විමුක්ති පෙරමුණ ලවා ප්‍රකාශයක් කරවන්න ඔවුන්ගේ සහය එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට කියලා. ඇත්තෙන්ම ලබන ජනාධිපතිවරණයේ සැබෑ පොදු අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ එක්සත් ජාතික නිදහස් සන්ධානයෙන්. අපේ සන්ධානය තුල දැනටමත් පක්ෂ 15කට වැඩි ගණනක් සන්ධානගත වී ඉන්නවා. මතක තියාගන්න නවීන් දිසානායක මැතිතුමනි, මීළඟ ජනාධිපතිවරණයට අප නම් කරන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයෙකු නොව ඊළඟ ජනාධිපතිවරයාය කියන එක අපි එතුමාට සිහිපත් කරනවා“.