පළාත් 5කට ගිගුරුම් සහිත වැසි

අගෝ 26, 2019

    ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද උදෑසන නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැ.කිලෝමීටර් 30-40ත් අතර වේගයකින් සුළං නිරිත දිගින් හමා එනු ඇති බවයි. ඌව පළාතේ හා අම්පාර මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මීටර් 75ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකියි.

    හම්බන්තෙට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ හා පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරය ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං හමනු ඇති. එවිට එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවයි, කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 08:19

    Latest News