දෙදෙනෙක්ට මරු කැඳවමින් ඉදිගල රිය අනතුරක්

අගෝ 26, 2019

    පානදුර, ඉදිගහ තොටුපොළ මාර්ගයේ ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. අනතුර සිදුව ඇත්තේ, යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන්.

    ඉදිගහ තොටුපොළ දෙසට ධාවනය වූ යතුරු පැදියක්, ගල්තුඩේ ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටී තිබේ. එහිදී බරපතල ලෙස තුවාල ලැබූ යතුරු පැදිකරු සහ පසුපැදිකරු මියගොස් ඇත්තේ, පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් හිරණ, පානදුර පදිංචි මායාදුන්නේ දොන් ක්‍රිෂාන් වික්‍රමරත්න සහ කස්තුරිආරච්චිලාගේ ධනුල ප්‍රසාන් පෙරේරා ලෙස හඳුනාගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය විමර්ශන සිදු කරයි.

     

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 09:05

    Latest News