යාන් ඔය - අසරණ සතුන් බේරා ගැනීමක් (ඡායා රූප)

නොවැ 22, 2018

    යාන් ඔය ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමක් සමඟ එයට යටවන ප්‍රදේශවල සිටි සතුන් මුදා ගැනීමේ මෙහෙයුමක් ඊයේ ආරම්භ කෙරිණ.

    මෙහෙයුම දින 14ක් ක්‍රියාත්මකයි. පසුගිය නොවැම්බර් මස පළමු වැනිදා සිට යාන් ඔය ජලාශයට ජලය පිරවීම සිදුකෙරිණ. මේ වනවිට ජලාශයෙන් හරි අඩක් පුරවා අවසන්ව තිබේ. මේ හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් අවතැන්ව සිටින බව, ව්‍යාපෘති අධ්‍යක්‍ෂ එම්.යූ.හේමකුමාර මහතා පැවසීය.

    ඒ අනුව සර්ප විශේෂ, හූනන් විශේෂ, කටුස්සන් මෙන්ම මුවන්, ඉත්තෑවන් වැනි සතුන් ද අවතැන්ව සිටී. මෙහෙයුමට වනජීවි, නාවික හමුදා, පොලිස් හා තරුණ සත්වවේදීන්ගේ සංගමය යන ආයතනවල නිලධාරීන් ඇතුළු 40කට අධික පිරිසක් එක්වූහ.

    මෝටර් බෝට්ටු ආධාරයෙන් ජලාශයේ සැරිසරමින් අවතැන්වී සිටින සතුන් මුදා ගැනේ. සතුන් හොරොව්පොතාන හා වාහල්කඩ යන ප්‍රදේශවල පිහිටි රක්‍ෂිතවලට මුදාහැරීමට නියමිතයි.

    yanoya 2 px 900 18 11 22.jpg copy

    yanoya 3 px 900 18 11 22.jpg copy

     

    Last modified on බ්‍රහස්පතින්දා, 22 නොවැම්බර් 2018 18:46

    Latest News