විධායක ජනාධිපති බලතල සිමා නොකල යුතුයි

සැප් 02, 2019

    විධායක ජනාධිපති සතු බලතල සිමා නොකල යුතු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තෝණ්ඩමන් මහතා පැවසිය.

    ආරුමුගන් තොණ්ඩමන් මහතා එ බැව් කියා සිටියේ අද (02) හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි තම පක්ෂයේ සමාජිකයන්ට ඊ තාක්ෂණය පිලිබදව හදුන්වාදිමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදිය.

    විධායක ජනාධිපතිවරයාට සියළු බලතල තිබිය යුතු බවත්, විධායක ජනාධිපතිවරයාට බලතල තිබේ නම් එය සුළු ජාතින්ට අයිවාසිකම් දිනාගත හැකි බවයි ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේය.

    රට පාලනය කල විධායක ජනාධිපතිවරුන් සහ වත්මන් ජානධිපතිවරයා වතු කම්කරුවන්ගේ ගැටළු වලට යම්තාක් දුරට විසදුම් ලබා දි ඇති බවත්, ඉදිරියේදි පත් වන ජනාධිපතිවරයාගෙන්ද වතු කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනිමට අදහස් කරන බවයි. ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තම පක්ෂය විසින් සකස් කර ඇති වතු කම්කරුන්ට බලපාන ගැටළු 32 හදුනාගෙන ඇති බවත්, එම ගැටළු වලට විසදුම් ලබාදෙන ජනාධිපති අපෙක්ෂකයාට තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබා දිය යුතු බවයි. වතුකරයේ ප්‍රධාන නගර සහ වතු ආශ්‍රිතව තිබෙන මත්පැන් සැල් වසා දැමිම, වතුකරයට විශ්ව විද්‍යාලයක් ලබා දිම, වතු ආශ්‍රිතව තිබෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩම් වතු කම්කරුවන්ට කොටස් කර බෙදා දිම ඇතුළු කරුණු ගණනාවක් ඇති බවයි තොණ්ඩමන් මහතා කියා සිටියේ.

    ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් හදුන්වාදුන් ඊ තාක්ෂනය ඔස්සේ එම පක්ෂයේ සමාජිකයන්ට තේ වතු ආශ්‍රිතව පරිපාලනය සමග තිබෙන ගැටළු සහ වතුකම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලිම පිලිබදව සෘජුවම ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වය සමග සහ එක් එක් අංශ සදහා ගැටළු විසදිමට පත් කර ඇති ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් සමග සාකච්ඡා කල හැකි බවයි. ලංකා කම්කරු කොන්ග්‍රසයේ නගර ආශ්‍රිතව තිබෙන කාර්යාල වලට ලබා දි ඇති ටැබ් පරිගනක හරහා ජංගම දුරකථනය ඔස්සේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා සහ සෙසු නිලධාරින් සමග සෘජුවම විඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවි ගැටළු විසදිමට මේ තුලින් අවස්තාවව සැලසේ.

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ තරුණ පෙරමුණේ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පෙරමුණේ තරුණයන් කිහිප දෙනෙකු විසින් ඊ තාක්ෂණය ලංකා කම්කරු කොන්ග්‍රසයට හදුන්වා දෙනු ලැබිය. මාධ්‍යය සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ඌව පලාත් සභා මන්ත්‍රි සෙන්දිල් තොණ්ඩමන්, ජ්‍යෙෂ්ඨ උප සභාපති එම්. රමේෂ්වරන් මහතා සහභාගි විය.

     

    Latest News