කටුනායක-වේයන්ගොඩ නව දුම්රිය මාර්ගයකට අවධානය

සැප් 02, 2019

    කටුනායක සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉඳිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන සංචාරකයින්ට කොළඹට නොපැමිණ, වේයන්ගොඩ හරහා මහනුවර, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට ගමන් කිරීමට එමගින් හැකිවේ. මීට අදාළ මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින බව, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පැවති උත්සවයකදී පැවසීය. ශක්‍යතා වාර්තා සැකසීම දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.

    Latest News