පාර්ලිමේන්තුව අද 10.30ට - කතානායක, මහජන ගැලරි වැසේ

නොවැ 23, 2018

    පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි.

    ඊට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුවක් පැවැත්වීමට නියමිත බවයි, වාර්තා වන්නේ. ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුවේ කතානායක ගැලරිය සහ මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර තිබේ. අවසරලත් මාධ්‍යවේදීන්ට පමණක් පාර්ලිමේන්තුවට පිවිසිය හැකියි.

    පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම පුද්ගලයින් දැඩි පරීක්ෂාවට ද ලක් කෙරෙනු ඇති. ආරක්ෂාව සඳහා අමතර පොලීසිය යෙදවීමට ද නියමිතයි.

    Latest News