මතුගම පාතාල කල්ලි දෙකක් අත්අඩංගුවට

නොවැ 22, 2018

    මතුගම ප්‍රදේශයේ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු කලුතර දිසා අපරාධ ඒකකය මගින් ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට ලැබුණු ඔත්තුවක්මතයි, මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. මතුගම ප්‍රදේශයේ පාතාල කණ්ඩායම් දෙකක් අතර, කලක පටන් ආරවුලක් ඇති බව පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

    මේ අනුව එක් පාතාල කණ්ඩායමක් වන ඩන්කන් නමැති කණ්ඩායම, ෂාන් නමැති කණ්ඩායමේ දෙදෙනෙකු ඝාතනයට කිරීමටයි ඊයේ රාත්‍රි සැලසුම් කර තිබුණේ. ඒ අනුව ක්‍රියාත්මක වු කලුතර දිසා අපරාධ ඒකකය කළ වැටලීමකින් මෙම පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනා, මිලිමිටර් 35 සහ මිලිමිටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News