ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවෙන් පිටව යයි (සජීව දර්ශන)

නොවැ 23, 2018
  • අද පාර්ලිමේන්තුව පක්ෂ නායක හමුවෙන් පසු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. 

    ඒ අනූව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයේ පක්ෂවලට ලබාදිය හැකි මන්ත්‍රී ගණන කතානායක කරූ ජයසූරිය මහතා විසින් දැනුම් දෙනු ලැබිණ.  ඒ අනූව, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ද, එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රීවරුන් 5 දෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීවරයෙක් ද දෙමළ ජාතික සන්ධානයට එක් මන්ත්‍රීවරයෙකු බැගින් නම් කර තිබුණි.  ඒ අනූව, සභා නායක දිනේෂ ගුණවර්ධන මහතා කියා සිටියේ, කතානායක විසින් ගෙන ඇති තීරණය ස්ථාවර නියෝගවලට පටහැනි බවත් ඒ අනූව එය ව්‍යවස්ථා විරෝධී බවයි.  

    ඒ අනූව මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ රජය පිළිගෙන නියමිත ගණන ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.  ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නැගී සිට යෝජනා කළේ තේරීම් කාරක සභාවට මන්ත්‍රී ගණන සම්බන්ධයෙන් කථානායක කළ යෝජනාවට ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දයක් පවත්වන ලෙසයි.  ඉන් අනතුරුව අදහස් පළ කළ ඇමති විමල් වීරවංශ මහතා කියා සිටියේ කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් ආණ්ඩුවට ඇති අයිතිය හා බහුතරය පිළිගන්නා ලෙසයි.  ඉන් අනතුරුව, කතානායකවරයාගේ ක්‍රියා කළාපයට දෝෂ දර්ශනයට ලක් කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගියේය.

    අනතුරුව, කතානායකවරයාගේ තේරීම් කාරක සභා මන්ත්‍රී ගණන පිළිබඳ යේාජනාවට පැවති ඡන්දයෙන් යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 121ක් හිමිවිය. 

     

    Last modified on සිකුරාදා, 23 නොවැම්බර් 2018 11:20

    Latest News