ජවිපෙ රනිල්ට බෑ කියයි

නොවැ 23, 2018

    පාර්ලිමේන්තුව උණුසුම්වීමත් සමඟ එහි සංයුතිය පිළිබඳව දැඩි කතාබහට ලක්ව තිබේ.


    පාර්ලිමේන්තු කාරක සභාවට නියෝජිතයන් පත්කිරීම සඳහා වන ක්‍රියාවලියේ දී එහි සංයුතිය පිළිබඳව කථානායකවරයාගේ ස්ථාවරය ආණ්ඩු පක්‍ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

    ඒ, රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තමාට පක්‍ෂව සිටින බවට පෙන්වීමට දරන උත්සාහයත් සමඟයි. 225ක් වූ පාර්ලිමේන්තු නියෝජනයේ කථානායකවරයා හැරුණුවිට මන්ත්‍රී ආසන සංඛ්‍යාව 224ක්.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ නිගමනයට අනුව, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධූර 100යට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ධූර 15 සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධූර 6 ද තමාට පක්‍ෂ බව පෙන්වීමට ඔහු උත්සහ දරයි. ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, තමන් කිසිවිටෙක රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂව පාර්ලිමේන්තුවේ ක්‍රියා නොකරන බවයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News