SLFP පහක පක්ෂ සමාජිකත්වය අහෝසි කිරිමේ තිරණයක් (වීඩියෝ)

සැප් 14, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක තුන තුළදී තහනම් කිරිමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මාතලේ ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

    ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා විජිත් විජේමුණි සොයිසා යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවයි දයාසිරි ජයසේකර මහතා පවසන්නේ. ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත අදාළ ලිපි ඔවුන්ට යොමු කිරිමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 20:09

    Latest News