කෝප වු ගම්මුන් කලාවැව උද්‍යානයට පැන අලි පන්නයි (වීඩියෝ)

සැප් 14, 2019

    ගල්කිරියාගම, කලාගම වාසින් පිරිසක් ඊයේ පස්වරුවේ (13) කළාවැව උද්‍යානයට පැමිණ අලි වෙඩි දමා උද්‍යානයේ සිටි අලීන් පන්නා දැමු බව ගල්කිරීයාගම වන ජීවි නිළධාරීහු පවසති.

    එම අවස්තාවේ උද්‍යානය තුල 100 කට අධික අලි රංචුවක් සිටි බවත් උද්‍යානයේ තුළට සංචාරක පිරිසක් ද පැමිණ සිටි බව ඔහු වැඩි දුරටත් පවසති. පුද්ගලයින් කිහිප දෙනෙකු වන අලි රංචුව සිටි ප්‍රදේශයට අලි වෙඩි දමා ගෝශාකාරී ලෙස කෑ ගසමින් වන අලි එලවීම සිදුකර තිබේ.

    ඔවුන්ගේ සහයට තවත් ගම් වාසීන් පිරිසක් පැමිණ ඇත. වන අලින් එලවා දැමීමෙන් අනතුරැව සංචාරකයින් සමග පැමිණ සිටි වනජීවි නිළධාරීන් සමග බහිම්බස් වීමක් සිදුවූ බව වනජීවි නිළධාරීහු වැඩිදුරටත් පැවසුහ. උද්‍යානයතුල වන අලි දිවයාම හේතුවෙන් වනඅලි නරඹමින් සිටි සංචාරකයින් හට වන අලි නැරඹීමේ අදහස අත්හැර දැමීමට සිදුව තිබේ. පසුව ගල්කිරියාගම වනජීවි කාර්ය්‍යාලයේ නිළධාරීන් විසින් සිදුවූ සිද්දිය පිළිබද පැමිණිල්ලක් සිදුකර ඇත. වන අලි ගම්වැද වගා බිම් විනශ කරන බව පවසමින් මොවුන් උද්‍යානය තුළ අලි වෙඩි දමා තිබේ.

    kalawawapark1 px 900 19 09

    කළාවැව අවට ප්‍රදේශ වන අලි මිනිස් ගැටුමට හේතු රාශියක් පවතින බව උද්‍යාන භාරකාර රාමසිංහ මහතා පවසයි.

    රාමසිංහ මහතා - කලාවැව ජාතික වනෝද්‍යානයට සෑම වර්ශයකම ජලය අඩුවන කාලයට වන අලි එන්නේ ආහාර සොයාගෙන නමුත් දැනට අවුරැදු 03 ක කාලයක සිට ඉබ්බන්කටුව ජලාශයෙන් නිකුත් කරන ජලය යොදාගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට පටන් ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් කලාවැවට ජලය නිරන්තරයෙන් පැමිණිම හේතුවෙන් වන අලීන්ට කෑමට ඇති තෘණ භූමි විනාශ වෙලා. තවද අවට ප්‍රදේශවාසීන්ගේ ගව පට්ටි වල සිටින ගවයින් 3000ක් පමණ උද්‍යානය තුළ ඉතිරි වෙන තෘණභූමි ටික ආහාරයට ගන්නවා. ගවයින්ගේ කුර වලට හා ගොම වලට ඉතිරි තෘණ පිටියත් විනාශ වෙනවා. ‍ඉතින් ඇත්තු 20කට ආසන්නවත් වන අලි 300කට අසන්නවත් වෙසෙන උද්‍යානයේ ආහාර නොමැති කමින් වන අලි විදුලි වැට බිද දමමින් ගම් වදිනවා. මේ වන විට ගව අයිතිකරුවන් දැනුවත් කර තිබෙනවා. උද්‍යානය තුලට ගවයින් මුදා නොහරින ලෙසට. තවද මහවැලි අධිකාරියෙන් උද්‍යානයට ආසන්න ඉඩම් වලට ඔප්පු දීලා වන අලීන්ගේ නිජබිම් අහිමි වෙලා. දැන් මෙම ප්‍රශ්නය එල්ලවෙන්නේ වනජීවි එකට විතරයි යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    7vmvmnv8 aramco facility 6

    kalawawaparkrr px 900 19 09

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 18:09

    Latest News