රනිල්ව අරලියගහ මැදුරෙන් යැවිමට නාමල්ගේ සැලසුමක් (විඩියෝ)

නොවැ 24, 2018
  • හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම අරලියගහ මන්දිරයෙන් පිටත් විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කර සිටිති.

    සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ උප සභාපති සුසන්ත කුමාර නවරත්න අද දඹුල්ල පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළහ.

    සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න - අනියමින් හෝ මේ වන විට රටේ ආණ්ඩුවක් ස්ථාපිත කොට තිබෙනවා. ඒ අනුව වහාම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යා යුතුයි.හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිහතමානීව අරලියගහමන්දිරය භාරදී පිටව ගියා නම් ඔහුට ගෞරවයක් යැයි ඔහු කියා සිටියේය.

    අරලියගහමන්දිරයට ආශාව නිසා තවමත් එහි රිංගාගෙන සිටින බවත් පාර්ලිමේන්තුවේ පිරිස අරලියගහ මන්දිරයට පැමිණ ජවුසන් නටන බවද සුසන්ත කුමාර නවරත්න අවධාරණය කළේය. අරලියගහ මන්දිරයට ජනතාව කෙරේ තිබූ ගෞරවය මේ වන විට හානි කරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    කතානායකවරයා මේ වන විට දැනුම්දී ඇත්තේ රටේ ආණ්ඩුවක් නොමැති බව යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කලේය. ඒ අනුව අගමැති කෙනෙක් නොමැති බව ඔහු එහිදි කියා සිටියේය.

    සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අදහස් දක්වමින් - රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මේ රටේ අගමැති නොවේ. එමෙන්ම අගමැති තනතුරෙන් ඔහු ඉවත් කර තිබෙනව. ඔහුට අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට කිසිදු අයිතියක් නැහැ යැයිද සඳහන් කළේය.

    විනාඩි කීපයක කාලයකට පාර්ලිමේන්තු රැස්වීම සඳහා රටේ මුදල් විශාල වශයෙන් වියදම් වෙන බවත් අරලියගහ මන්දිරයේ මේ දිනවල අති විශාල මුදල් විනාසයක් සිදුවෙන බවද එහි වගකීම සියලු පාර්ශ්වයන් විසින් ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය. රටේ මැතිවරණ සදහා එක්සත් ජාතික පක්ෂයට ගැරඬියාට භූමිතෙල් වගේ යැයි ද කීවේය. පාර්ලිමේන්තු ඡන්දයකට ආණ්ඩු පක්ෂයටද එවැන්නක්ම සිදුවී තිබේ.
    අධිකරණය පිළිබඳව පූර්ණ විශ්වාසය තමන් සහ ජනතාව තබා තිබෙන බවත් එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව ද නාමල් කරුණාරත්න කිවේය.

    namal karunarathna

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 18:21

    Latest News