රූපවාහිනී සභාපතිනියට අපහාස කළ කැලුම් පාලිතට එන්තරවාසි (වීඩියෝ)

සැප් 18, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හා එහි සභාපතිනියට, අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම නිසා, කැලුම් පාලිත මහීරත්න මහතාට එරෙහිව එන්තරවාසි යැවීමට පියවර ගෙන තිබේ.

    කැලුම් පාලිත මහීරත්න මහතා, මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් මගින්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හා එහි සභාපතිනියට හානි සිදු කොට ඇතැයි පැවසේ. ඒ අනුව, ඔහුගෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන්, රුපියල් මිලියන 500ක් ලබාදිය යුතු බවට එම එන්තරවාසියේ සඳහන්. එමෙන්ම, එහි සභාපතිනිය ලෙස ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මියට පෞද්ගලිකව සිදුවූ අපහාසය පදනම් කර ගනිමින් තවත් මිලියන 500ක් ලබාදිය යුතු බව එම එන්තරවාසියට ඇතුළත්.

    Last modified on බදාදා, 18 සැප්තැම්බර් 2019 20:29

    Latest News