අන්තර්ජාලය තුළින් සහ විද්‍යුත් මුද්‍රිත ආයතන මගින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ල කිරීමට යුද හමුදාවට සම්බන්ධ පිරිසක් සූදානම් වන බවට පුවත් ප්‍රචාරය කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් වේ. එය අසත්‍ය බැවින් එයින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමයට හානියක් සිදුවන බවද එහි සඳහන්වේ.
එමගින් රටේ ජනතාව තුළ අනිසි බියක් සහ දෛනික කටයුතුවලට ගැටලුකාරී තත්වයක් ඇති වන බැවින් එ වැනි ප්‍රචාර කරන පුද්ගලයන්ට එරෙහිව යුද හමුදාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.