මෙම පෙත්සම ඊයේ කැදවනු ලැබූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වීම අවසන් කර තිබිණ.
ඒ අනුව අද දින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දැක්වීම සිදුකළේය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටීයේ මෙම සැකකරුවන් දෙදෙනාට ඇප නියම කරමින් මහෙස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය මුළුමනින්ම දෝෂ සහිත බවයි.
මෙම සැකකරුවන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනාව එල්ල කිරිම සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති බව පූර්ව නිගමනයක සිටිමින් මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ මුල සිටම කටයුතු කර ඇතැයි, චෝදනා කළ දිලීප පිරිස් මහතා සැකකරුවන්ට ඇප ප්රදානය කිරීමේ සම්පූර්ණ ක්‍රියාදාමයම පක්ෂග්රාහී බව සඳහන් කර සිටියේය.
මෙම සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දුන් විගසම හෘදයාබාධ වැළඳී ඇති බව සඳහන් කරමින් ඔවුන් දෙදෙනාම රෝහල්ගත වූ බවත් ඒ පිළිබඳව සොයා බැලීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු නොකිරීම බරපතළ අඩුපාඩුවක් බවට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.
මෙම සැකකරුවන් දෙදෙනා මෙම නඩුව කෙරෙහි දක්වන උනන්දුව පාස්කු ප්‍රහාර මාලාව ඉල්ල වීමට පෙර දිනවල ලැබුණු බුද්ධි තොරතුරු කෙරෙහි අවධානය යොමු කරවා තිබුණේ නම් මෙම අවාසනාවන්ත සිද්ධිය වළක්වාගැනීමට හැකියාව තිබුණු බවයි දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේය.
මහේස්ත්‍රාත් අධිකරණයට මෙවැනි ඇප නියෝගයක් ප්‍රකාශය කිරීමට කිසිසේත්ම බලයක් නොමැති හෙයින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට ඇප ප්රදානය කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රකාශ කර තිබෙන ඇප නියෝගය ප්‍රතිශෝධනය කර ඔවුන්ව වහාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිවරයාගේ ප්රතිශෝධන ඉල්ලීම පිළිබඳ නියෝගය ඔක්තෝම්බර් 9වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.