මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට සම්බන්ධ ලේඛන සියල්ල විත්ති පාර්ශවය වෙත බාරදී ඇති බවයි.
ඒ අනුව නඩුව ඔක්තෝබර් මස 4 වැනිදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරු කුලතුංග මහතා නඩුවට සම්බන්ධ සියලු ලේඛන ලැබී තිබේදැයි පරික්ෂා කර බලා ඔක්තෝබර් මස 4 වැනිදා අධිකරණය දැනුවත් කරන ලෙස විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
නඩුවේ 4 වන විත්තිකරු වූ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ඇඟිලි සලකුණු වාර්තා ලැබී නොමැති හෙයින් ඔහුගේ ඇඟිලි සලකුණු ලබා ගෙන නැවත වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මහාධිකරණ විනිසුරුවරයා විසින් අධිකරණ පොලිස් මුරපොළට නියෝග කරන ලදී.
කැලෑවකින් අල්ලා ගන්නා ලද "සකුරා" නැමති අලි පැටවකු වනජීවී දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන වලංගු බලපත්‍රයක් නොමැතිව සිය ස්වාමිත්වයේ තබාගැනීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.
ප්‍රශ්නගත "සකුරා" නැමති අලි පැටවාගේ මුල් අයිතිකරු වශයෙන් පෙනී සිටීන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු ලිපිකාරිනියක වන ප්‍රියංකා සංජීවනී යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම්කර තිබේ.