බදුළු ඔයට අපද්‍රව්‍ය නල හැරවූවොත් නඩු

සැප් 20, 2019

    බදුළු ඔයට හා සෙසු ජල රක්ෂිතයන්ට හානිකරන හා එම ජල රක්ෂිතයන්ට අපද්‍රව්‍ය නල හරවා ඇති පුද්ගලයන්ට මෙන්ම බදුළු ඔයට බාධාවන අයුරින් ගොඩනැගිලි ඉදිකර ඇති පුද්ගලයින්ට විරුද්ධව කඩනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් බවත් එම රාජකාරිය ඉටුකරන සියළු නිළධාරින් වෙනුවෙන් තමා පෙනී සිටින බවත්, ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

    ඒ ඌව ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්චාවකදී.

    බදුළු ඔය ඇතුළු පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම රජයේ මෙන්ම පළාත් සභාවේ ද වගකිමක් බව අවධාරණය කළ ආණ්ඩුකාරවරයා බදුළු ඔය සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් මේ මස 24 වැනි දින සිට දෙසැම්බර් මස 31 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

    මෙම වැඩපිළිවෙල සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 33 ක්, ත්‍රිවිධ හමුදාව හා ජනතාව ඒකරාශිව සිටින බව ද පැවසේ.

    බදුළු ඔය ගලායන සීමාවන්හි පිහිටි බණ්ඩාරවෙල, ඇල්ල , හාලිඇල, බදුල්ල සහ සොරණාතොට ප්‍රාදේශීය සභා සහ බදුල්ල මහ නගර සභාව මේ පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ඇති.

    Latest News