කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සැප් 24, 2019

    දිවයිනට දැනට පවතින වැසි තත්වය හෙට රාත්‍රී දක්වා තවදුරටත් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ

    . බස්නාහිර,දකුණ,සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 200ක පමණ දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකියි. වයඹ,උතුර,ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුලං ද ඇතිවිය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දැනුම් දෙයි.

    දිවයිනට බස්නාහිර,දකුණ හා ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ද තද සුළං ඇතිවිය හැකියි. සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ ඉහළ යා හැකියි. එම අවස්ථාවල මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමට හැකියාව පවතින බවයි, නිවේදනයේ සඳහන් වන්නේ. මීට අමතරව දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 08:17

    Latest News