ඇඹුල්ගම මනුෂ්‍ය ඝාතනයේ තවත් සැකකරුවෙක්ට මාංචු

සැප් 24, 2019

    හංවැල්ල,ඇඹුල්ගම හන්දියේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු 26 හැවිරිදි හිඹුටාන,අංගොඩ ලිපිනයේ පදිංචි ගමගේ චතුර මදුරංග පෙරේරා යන අයයි. සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වල දී ව්‍යාජ අංක තහඩු සහිත ස්කූටි වර්ගයේ යතුරු පැදියක්,අපරාධය සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පැළඳ සිටි ජැකට් 2ක්,හෙල්මට් 2ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. හංවැල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    මේ අතර, ගල්කිස්ස,රත්මලාන සිල්වෙස්ටර් මාර්ගයේ දී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනුණේ මොරටුව හෝලටයක් තුළදීයි. සැකකරු 31 හැවිරිදි අගුලාන පදිංචිකරුවෙක්. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 08:49

    Latest News