ඊයේ (24) දවස පුරා පැවති දැඩි වර්ෂාව මැද වනජීවි පශු වෛද්‍යවරුන් හා වනජීවි නිලධාරීන්ගේ මෙහෙයුමකින් පසුව අලියා අල්ලා ගෙන ඇත.
වයස අවුරුදු 45 ක් පමණ වන මෙම වන අලියා අඩි නවයක පමණ උසකින් යුක්ත වන අතර මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව භිතියට පත් කළ බව වනජිවි නිළධාරිහු පැවසුහ. අලියාගේ සිරුර පුරා වෙඩි ප්‍රහර ගණනාවක් දකින්නට ඇති අතර කන්වල තුවාළ සිදුරු ඇති බව වනජිවි නිළාධාරින් පවසති. වන අලිය පටවා ගත් ලොරි රථය වනයෙන් ඉවතට ගැනීමට යාමේදී මඩේ එරී එය ගොඩට ගැනීමටද විශාල හෙසෙක් දැරීමට සිදු විය.