දේශපාලන පක්‍ෂ බොරු ප්‍රචාරයක

නොවැ 25, 2018

    ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීමට නම්, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව, මහා සංඝරත්නය පවසනවා.

    රුහුණු රට භික්ෂු පෙරමුණ එය සංවිධාන කළා.
    පූජ්‍ය පරදූව ජනරතන හිමි - “විවිධ දේශපාලන පක්‍ෂ විසින් දෙන මත පිළිගැනිමට නොහැකි තත්වයට අප පත්ව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට ඒ අය ගාව පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තිබ්බේ.

    1971 මේ රට සමාජවාදී කරන්න ගිහිල්ලා විනාශ කෙරුවා. 88-89 කාලයේත් සමාජවාදී කරන්න ගිහිල්ලා රට විනාශ කළා. මේ දවස්වල සත්‍යග්‍රහයක් තියෙනවා. ඒකට අපේ ස්වාමීන් වහන්සේ නමකුත් එක්වෙලා ඉන්නවා. බැහැයි අපි දැකලා නැහැ උන් වහන්සේ ජාතික විපත්වලදී ඉදිරිපත් වෙලා කටයුතු කරනවා.

    මං අහන්න කැමතියි අපට ආණ්ඩුවක් අරන් දෙන්න කියලා පිටදේශකාරයන්ට කියන්න එපා. ආණ්ඩුවක් අරන් දෙන්න පුලුවන් මේ රටේ ජනතාවට.

    Last modified on ඉරිදා, 25 නොවැම්බර් 2018 15:51

    Latest News