CID - පොලිස්පතිගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී

නොවැ 25, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනයට තැත් කිරීමේ කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පොලිස්පතිවරයාට මිට පෙර දැනුම් දී තිබිණ. ජනපති සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 25 නොවැම්බර් 2018 15:47

    Latest News