වතුකම්කරුවන් හෙට උද්ඝෝෂන සුදානමක

නොවැ 25, 2018

    වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතුකරය පුරා උද්ඝෝෂන ව්‍යාපාරයක් හෙට පවත්වන බව ලංකා කම්කරු කොන්ග්රෝසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසයි.

    වතුකරයේ කම්කරුවන් ප්‍රධාන මාර්ගවලට කැඳවා උදැසන 10 සිට පස්වරු 1 දක්වා උද්ඝොෂන වල නිරත විමටත් ඔවුන් සැලසම් කර ඇත.

    වතුකම්කරුවන්ගේ උද්ඝෝෂවලට සහයෝගය දැක්විම පිණිස හෙට උදැසන 10 සිට පැය 3 ක කාලයක් වතුකරයේ සියළුම ප්‍රධාන නගර වල වෙළදසැල් වසා දැමිමට ව්‍යාපාරිකයන් කැමැත්ත පල කර තිබේ.

    වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු එකාබද්ධ වෘත්තිය සමිති වතු හම්පුතුන්ගේ සංගමය සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරින් අවසන් වරට පසුගිය දා මුදල් අමාත්‍යංශයේ සාකච්ඡා පවත්වානු ලැබිණ. එම සාකච්ඡාවේදි වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනා කර ඇත්තේ වතු කම්කරුවෙකුට දැනට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වා වැඩි කර සියළුම දිමනා සහිතව දිනක වැටුප රු 1000 ආසන්නව ලබා දිය හැකි බවයි.

    එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කරමින් වතු හාම්පුතුන්ගේ සංගමයට යෝජනා කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු. 1000 දක්වා වැඩි කල යුතු බවයි.

    Latest News