පවතින වර්ෂාවන හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. හල්දුම්මුල්ල, පස්සර සහ ඇල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ තවදුරටත් නායයාම් අවධානමේ පවතින බවයි.
තවදුරටත් වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළවී ඇති බැවින් නායයාම් අනතුරු ඇඟවීම් පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එහි නායයාම් පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා ප්රකාශ කළේ.