සියලු ගොවි ජනතාවට නොමිලයේ පොහොර...සජිත්ගෙන් තවත් පොරොන්දුවක්

ඔක් 18, 2019

    වී ගොවියට පමණක් නොව මෙරට සියලු ගොවි ජනතාවට නොමිලයේ පොහොර ලබාදීමට තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ අනුරාධපුර,දිස්ත්‍රික්කයේ,කැකිරාව නගරයේ පැවති ජල රැළියට අද (17) දින එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා .....

    තමන් බලයට පත්වූ පසුව මෙරට වී ගොවියට පමණක් නොව, ගොඩ බෝ ගොවියා, එළවලු ගොවියා, පලතුරු ගොවියා ඇතුළු සියලුම ගොවි ජනතාවට නොමිලයේ පොහොර ලබාදීමට තමන් කටයුතු කරනවා. එපමණක් නොව වී සඳහා රුපියල් 50ක සහතික මිල ලබා දීමට ද තමන් කටයුතු කරනවා.
    ප්‍රතිවාදී අපේක්ෂකයා පසුගිය දවසක අයියගෙන් අහලා වී ගොවියට නොමිලේ පොහොර ලබා දෙන බවට පොරොන්දු වුණා. ඔහුට කෙලින් තීරණයක් ගනන් බැරුව අයියගෙන් අහලා පොරොන්දු දුන්නා. නමුත් එතුමාට මතක් වුණේ වී ගොවියා පමණයි. අනෙකුත් සියලු ගොවි ජනතාව එතුමාට අමතක වුණා.
    සමහරු අහනවා තමන් ලබා දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන් කියලා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දෙපැත්ත පත්තුවන විලක්කුවක් තියාගෙන කර්මාන්ත පුරවර,ජනසවිය,පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම්, දිවා ආහාර ඇතුළු සහන රැසක් ලබා දුන්නා. රණසිංහ ප්‍රේමදාසගේ පුතාට ඊට වඩා වැඩ කරන්න පුළුවන් කියලා ප්‍රකාශ කරනවා.

    ජනතාවට සහන ලබා දෙන්න සල්ලි නැහැ කියන්නේ ජනතා මුදල් වලින් සැප ජීවිත ගත කරන පාලකයෝ, ජනතාවට සහන ලබා දෙන්නේ මුදල් හොයා ගන්න ආකාරයත්, එම සියලුම සහන ලබා දීමට මුදල් වැය කර අනාගත පරපුරට මුදල් ඉතුරු කරන ආකාරයත් තමන් පෙන්වනවා යනුවෙන් ද පැවසීය.
    මෙම ජන හමුවට සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න යන මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 10:15

    Latest News