පළාත් රැසකට තද වැසි..කාලගුණයෙන් රතු එළියක්

ඔක් 24, 2019

    බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී.100ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මධ්‍යම පළාතෙත් අනුරාධපුර, අම්පාර, මඩකළපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක. නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ.

    පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    Latest News