වැඩකරන,විනගරුක,විනිවිධ භාවයෙන් යුතු ආණ්ඩුවක්..ගෝඨාභය

ඔක් 24, 2019

    ජයග්‍රහණයෙන් පසුව වැඩ කරන, විනය ගරුක ප්‍රතිඵල ගේන, විනිවිධ බාවයෙන් යුතු ආණ්ඩුවක් හදන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොත්මලේ, පුඬළුඔය නගරයේ ක්‍රීඩංගණයේ දී පෙරේදා (23) පස්වරුවේ පැවති ජන හමුව අමතමිනි.

    එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිය.

    “එදා අපි මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා විශාල සංවර්ධනයක් ඇති කළා. අපිට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තෝරාගත්ත වැඩකරන්න පුලුවන් නිලධාරීන්ට ඔවුන්ට තීරණ ගන්න සම්පූර්ණ නිදහස අපි දුන්නා. අපි තොණ්ඩමන් ඇමතිතුමත් සමග සාකච්ඡා කළා වතු කම්කරුවා ගැන. වතු කම්කරුවාගේ ජීවිතය ඉහළට ගන්නනේ කොහොමඳ කියල අපි සාකච්ඡා කළා.

    අපි ඔවුන්ට රුපියල් 1000/- ක අවම වැටුපක් ලබා දෙනවා පමණක් නොව ඊට එහා ගිය ජීවන තත්වය ඉහළට ගේන්න, ඔවුන් වතු වලට සීමා කරන්නේ නැතිව ඔවුන්ගේ පවුලේ ආදායම වැඩි කරගන්නා ක්‍රමය, අධ්‍යාපනය දියුණු කරල, පාසල් දියුණු කරල ඔවුන්ට අවස්ථාව ලබා දීල ඉගෙණ ගන්න දීල, ආර්ථිකයේ වැදගත් ඉහළට සම්බන්ධ වන්න සෘජුවම රැකියා අවස්ථා ලබා ගන්නට පුලුවන් නිපුණත්වයක් ලබා දීම ගැන අපි සාකච්ඡා කළා.

    ඒ වගේම ජීවන තත්වය ඉහළට ගෙන යන්න සුදුසු ගෙවල් හදන්න අපි ඔවුන් සමග සාකච්ඡා කළා. මේවා මත තමයි අපි එකඟතාවයකට පැමිණියේ අපට සහයෝගය දක්වන්න. අපි අද පොරොන්දු දෙනවනම් දෙන්නේ යම් අරමුණක් දර්ශණයක් ඇතිවයි."

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 09:22

    Latest News