ගෝඨාභය රාජපක්‍ෂ 18 වෙනිදා විදේශගතවීමට ගුවන් ටිකට්පත් වෙන් කරගෙන - නීතිඥ රජික (වීඩියෝ)

නොවැ 09, 2019
  • ජනාධිපතිවරණයේ පරාජය පිළිගෙන, ගෝඨාභය රාජපක්‍ෂ මහතා විදේශගතවීම සඳහා ගුවන් ටිකට්පත් වෙන් කරගෙන ඇති බව, නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේය.

    “ නොවැම්බර්17 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ දන්නවා ඔවුන්ගේ පරාජය ස්ථිරයි කියලා. මේ වෙද්දි එමිරේට්ස් සමාගම හරහා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා 18 වෙනිදා පාන්දර 1.40ට ලොස් ඇන්ජලිස් බලා පිටවීම සඳහා තියෙන ටිකට් පතේ පිටපතක් තමයි මේ තියෙන්නේ. යන්නේ ෆස්ට් ක්ලාස් එකේ. ජයග්‍රහණය පිළිබඳ තමන්ට විශ්වාසයක් තියෙනවානම් රටින් පැනලා යන්න ඕනේද? ලංකාවට එනවා ලංකාවේ මහජන මුදල් හොරකම් කරන්න“ යැයි නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පැවසීය.

     

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 19:33

    Latest News