අඟුලාන රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක්

නොවැ 22, 2019

    කටුබැද්ද, අඟුලාන හංදිය, මොරටුව ප්‍රදේශයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.

    අද අළුයම 3.15ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව මොරටුව පොලීසිය පවසයි.

    ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවිමේ රථ 10ක් යොදාගෙන ඇති බව ගිනි නිවීමේ ඒකකය සඳහන් කර සිටී.

    මෙම ගොඩනැඟිල්ල මහල් 04කින් සමන්විතයි. 

    පොලීසිය, ප්‍රදේශවාසීන්, දෙහිවල, මොරටුව,මරදාන සහ ගල්කිස්ස ගිනි නිවීමේ රථ පැමිණ ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News