නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම ලබන සඳුදා

නොවැ 22, 2019

    නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම ලබන සඳුදා සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ අවස්ථාවේ දී උත්සව සභාව අමතමිනි.

    රාජ්‍ය අමාත්‍යවරුන්හට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා,19 ශෝධනය ද ඇතුළුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම පත් කිරීම් සිදු කරන බව ප්‍රකාශ කළේය. මේ අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

    Latest News