හිටපු අගමැති දි.මු ජයරත්නගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට

නොවැ 22, 2019

    හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත අද ගුවනින් රැගෙන ඒම‍ට නියමිතය.

    පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, දි.මු ජයරත්න මහතාගේ දේහය අද පස්වරු 1.00 සිට 3.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කරන බවයි.

    දේහයට ගෞරව දැක්වීම සඳහා දහවල් 12.30 වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන්නැයි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‍ට, රාජ්‍ය නිලධාරීන්ට, ඥාති හිතමිත්‍රාදීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ධම්මික දසනායක මහතා දැනුම් දේ.

    හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූයේ, මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 88 කි.

    Latest News