ජනාධිපතිතුමාගේ තීන්දු-තීරණ රටට හිතකරයි; විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් (වීඩියෝ)

නොවැ 23, 2019

    ජනාධිපතිතුමාගේ තීන්දු-තීරණ හමුවේ විදෙස්ගත ලාංකිකයන්ට නැවත මෙරට පදිංචිවීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වේයැයි විශ්වාස කරන බව, ලන්ඩන් නුවර විදේශගත ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳමුව්කරු අනුර මැදගෙදර මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, විදේශගත ශ්‍රී ලාංකික එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ ඉතාලි ශ්‍රී ලංකා සම්බන්ධිකාරක රනිල් ප්‍රසාද් වීරසිංහ මහතා...


    “අපි මව්බිමට පැමිණිලා ඒ අභිමානවත් නායකයාව අද ජනපති පුටුවේ තබලා අපි බොහොම අභිමානයෙන් මේ රටින් පිටවෙලා යන්නේ. යුද්ධය ඉවර කලා වගේම මේ රට ණය බරින් මුදවලා, රට සංවර්ධනය කරලා, අභිමානවත් ජාතියක් කරන්න ගෝඨාභය ජනාධිපතිතුමාට සහ මහින්ද අගමැතිතුමාට හැකියාව ලැබේවායි කියලා පනතවා“ යැයි රනිල් ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.

    ලන්ඩන් නුවර විදේශගත ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කරු අනුර මැදගෙදර මහතා.....

    “අපි ජනතාවට කියන්නේ මෙය කදිම අවස්ථාවක්. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සමඟම ඔබ දැක්කා ජනාධිපතිතුමා කොයි ආකාරයෙන් ද තීන්දු-තීරණ ගන්නේ කියලා. ඒ ගන්න තීන්දු-තීරණ රටට බොහොම හිතකරයි. මේ හිතකර තීන්දු-තීරණ එක්ක විදෙස්ගත අපිට දැනෙනවා ලංකාවට ඇවිල්ලා නැවත ලංකාවේ පදිංචි වෙන්න පුලුවන් සමාජයක් හැදෙයි කියලා“ යැයි අනුර මැදගෙදර මහතා පැවසිය.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 20:58

    Latest News