ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම සඳහා මිහින්තලය පුදබිමට පැමිණි නව ආරක්ෂක ලේකම්වරයා මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව පූජ්‍ය ධම්මරතන නායක හිමියන් හා ආරක්ෂක ලේකම්වරයා සුහද පිළිසඳරක නිරත විය.