ඇමති තොණ්ඩමන්ගෙන් නව නිවාස 24කට පොරොන්දුවක්

නොවැ 24, 2019

    හැටන්, දික්ඔය පොඩයිස් වතුයායේ ගිනිගෙන විනාශ වු වතු නිවාස 24 වෙනුවෙන් එම වතුයායේම සුදුසු ඉඩමක නව සැලැස්මකට අනුව නිවාස 24 ක් ඉදි කිරිමට පියවර ගන්නා බව ප්‍රජා සවිබලගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.

    2018.12.29 දින එම වතු නිවාස පේලිය ගිනිගෙන විනාශ විය. එහි පදිංචි පවුල් 24 කට අයත් සාමාජිකයන් 150 දෙනෙකු පමණ එම වතුයායේ පොදු ක්‍රීඩාංගණයේ ඉදි කරන ලද තාවකාලික කුඩාරමවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජිවත් වෙමින් සිටියි.

    ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව ඊයේ (23) පස්වරුවේ එම වතුයායට ගොස් ගින්නෙන් අවතැන් වු පවුල්වල සමාජිකයන් සමග සහ වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කළේය.

    වතු පාලන අධිකාරිය මගින් එම වතුයායේම නව නිවාස ඉදි කිරිම සදහා ලබාදෙන සුදුසු ඉඩමක කඩිනමින් නව නිවාස 24 ක් නව සැලැස්මකට අනුව තනි තනි නිවාස වශයෙන් ඉදි කිරිමට අමාත්‍යයවරයා පොරොන්දු විය. එම අමාත්‍යංශය යටතේ පාලනය වන මානව වැවිලි භාරය මගින් මෙම නිවාස ඉදි කිරිමට නියමිතයි.

    2 2

    2 12

    2 16

    1 1 1

    1 3

    Fire

    Last modified on ඉරිදා, 24 නොවැම්බර් 2019 11:13

    Latest News