ඔවුන් දෙදෙනා වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇත. ගාල්ල, උඩුගම පදිංචිව සිටි 35 හැවිරිදි ඉන්දික ප්‍රසන්න පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු ගාල්ල, උඩුගම පවුලේ සුසාන භ්‍රමියේ දී සිදු කෙරිණ. දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද අද පෙරවරුවේ එම නිවසට ගියේය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද ඊයේ රාත්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීය.
මේ අතර කල්මුණේ පෙරියනිලාවනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පොලිස් කොස්තාපල් ගනේෂ් දිනේෂ්ගේ අවසන් කටයුතු පෙරියනිලාවනේ පොදු සුසාන භුමියේ දී සිදු කෙරිණ. ජනාධිපතිතුමාගේ සහ පොලිස්පතිතුමාගේ ශෝක පණිවුඩ එහිදී ඉදිරිපත් කෙරිණ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා ද මේ අවස්ථාවට එක්විය.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...