හිස්කබල් සහ අස්ථි කොටස් ඇතුලත් මංජුසාව විවෘත නොකර මේ වන විට දඹාන ආදිවාසී කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද පරීක්ෂණවලින් පසු මෙරටට භාර දුන් මෙම අස්ථි කොටස් වසර 300ක් පමණ පැරණි බවයි, විශ්වාස කෙරෙන්නේ. ඒවා විධිමත් ලෙස තැන්පත් කර තැබීමට දඹාන ආදිවාසී කෞතුකාගාරය නවීකරණය කර දෙන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ඉල්ලා සිටියි.