රට පටවන්න හැදූ වල්ලාපට්ට රේගු දැලේ

දෙසැ 03, 2018

    වල්ලාපට්ට ශාක කොටස් තොගයක්, කටුනායක ගුවන් තොටුපොළින් නීති විරෝධී ලෙස පිට කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක්, ගුවන් තොටුපොළ රේගුව විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒවායේ වටිනාකම රුපියල් හතළිස් ලක්ෂයකට අධිකයි. සැකකරු කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වල්ලාපට්ට ශාක කුඩා කොටස්වලට කපා මෙරටින් පිට කිරීමට තැත් කර ඇති අතර, ඒවායේ බර කිලෝ ග්‍රෑම් 79කි.

    ගුවන් මගියාගේ ගමන් මල්ලේ වල්ලාපට්ටා තොගය සූක්ෂමව හසුරා තිබිය දී සොයාගෙන ඇත. ගුවන් මගියාගේ වයස අවුරුදු 40ක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් රේගුව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.

    Latest News