නත්තලේ නීති කඩන වෙළෙන්දන්ට දඩුවම්

දෙසැ 03, 2018

    උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝනය කරන වෙළෙඳුන් සොයා වැටලීම් අඛණ්ඩව සිදු කරන බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    ලබන 15 වැනිදා සිට නත්තල අවසන් වනතුරු දිවයින පුරා විශේෂ වැටලීම් සිදු කිරීමට නියමිතයි. වැඩි මිලට භාණ්ඩ විකිණීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත්වන දිනය සටහන් නොවන භාණ්ඩ විකිණීම, ප්‍රමිතියෙන් තොර තරාදි භාවිත කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මෙම වැටලීම් සිදු කිරීමට නියමිතයි. භාණ්ඩවල මිල ප්‍රදර්ශනය අනිවාර්ය අතර ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබේ.

    භාණ්ඩ අලෙවි කිරීමේ දී පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් කටයුතු කිරීම වරදක් බව ද පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි. යම් කිසි නීති විරෝධී කටයුත්තක් හෝ අක්‍රමිකතාවක් සිදු වන්නේ නම් පාරිභෝගිකයන්ට ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි කළ හැක.

    Latest News