ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙසින්. මුළු දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදා විධානයන් තුළ සහන කණ්ඩායම් සූදානම් කොට, ස්වභාවික විපත් සිදුව ඇති ස්ථාන වෙත එම සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව මේ වන විට පියවර ගෙන තිබේ. නාවික හමුදා මැරීන් බලකාය, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට අනුයුක්ත නාවික පුද්ගලයින් මෙයට අනුයුක්ත කර තිබේ.
තවද විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අයත් නාවිකයන් විශාල ප්‍රමාණයෙන් මීට අනුයුක්ත කිරීමට පියවර අරන්. පසුගිය දින කිහිපය පුරා වාකරේ, කිරාන් ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන්ව සිටි පිරිමි පුද්ගලයින් 161ක්, කාන්තාවන් 120ක් සහ ළමුන් 24 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත් විය. තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්වය නොතකමින් නාවික හමුදාව විසින් සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටියි.