දේශපාලන ඉලක්ක මත දරුවන්ගේ ආනාගතය තීරණ නොකළ යුතුයි

දෙසැ 04, 2018

    දේශපාලන ඉලක්ක මත පදනම් වෙමින් දරුවන්ගේ අනාගතය පිළිබඳ තීරණ නොගත යුතු බව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ජාවක දී ඔහු මේ අදහස් පළ කළේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වත්මන් තත්වය සහ මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ජා කිරීම වෙනුවෙන් මෙම විශේෂ හමුව සංවිධාන කර තිබුණි.

    පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම හමුවට එක්ව සිටියහ. එක් එක් පළාත්වලට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පැනනැගී ඇති ගැටලු රැසක් පිළිබඳව මෙහි දී සාක්ච්ජා කළහ.

    Last modified on අඟහරුවාදා, 04 දෙසැම්බර් 2018 13:04

    Latest News