ගෝඨාභයගේ කෞතුකාගාර නඩුව දිනපතා

දෙසැ 04, 2018
    පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජනවාරි මස 22දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියම කළේය.
    මෙම නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
    එහිදී නඩුවට අදාළ ලේඛන නිසි  පරිදි ලැබී තිබෙන බව නි පැමිණිලි පාර්ශවය මෙන්ම විත්ති පාර්ශවයේ නීතිඥවරුන් අධිකරනය හමුවේ ප්‍රකාශ කළා.
    ඒ අනුව විත්තියට ලැබිය යුතු ලේඛන නිසියාකාරව ලැබී තිබේ ද යන්න තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත ජනවාරි මස 03  වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල නඩු විභාගය ජනවාරි මස 22 වනදා සිට දිනපතා සිදුකරන බවද නියෝග කළා.
     

    Latest News