ගිං නිල්වලා ව්‍යාපෘති මුල්‍ය වංචාවෙන් වාරි මාර්ග හිටපු ලේකම් අයිවන් නිදහස්

දෙසැ 18, 2019

    ගිං නිල්වලා යෝජනා ක්‍රමයේ චීන සමාගමකට පොරොන්දු සියයට පහක අත්තිකාරම් මුදලින් රුපියල් මිලියන 4012ක් සාවද්‍ය පරිහරණ සිද්ධියට වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් සිල්වා මහතා‍ ‍නැවත අධිකරණයේ පෙනි නොසිටිය යුතු බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කළේය.

    අයිවන් සිල්වා මහතා මෙම සිද්ධියේ සැකකරුවකුද නැද්ද යන්න මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් කළ විමසා සිටි අතර ඔහු සැකකරුවෙක් නොවන බව පොලිසිය කළ දැනුම් දීම අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.

    අයිවන් සිල්වා මහතා මෙරටට පැමිණ ප්‍රකාශයක් ලබා දීමට නිතිඥවරුන් මාර්ගයෙන් කැමැත්ත පළ කර තිබීම හේතුවෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ නිතිපතිවරයා වරෙන්තුව ආපසු කැදවීමට විරෝධය ප්‍රකාශ නොවූවේය. එ අනුව වරෙන්තුව අත්හිටවනු ලෙස මහේස්ත්‍රතාවරායා විසින් මීට පෙර නියෝගය කළ අතර ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුනි. මෙ අනුව අයිවන් සිල්වා මහතා අධිකරණයේ පෙනි සිටියේය.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සාක්සි ලබා දුන් නිලධාරියා අද අධිකරණ නොතිසිය අනුව පෙනි සිටියේය. මෙම දුෂණ චෝදනා පැමිණිල්ල දූෂණ මර්ධන කමිටු කාර්යාලයේ අධ්‍යක්ෂක ආනන්ද විජේනායක මහතා විසින් පොලිස්පතිට කළ දැනුම් දීමකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.

    ගිංනිල්වලා යෝජනා ක්‍රමය යටතේ අදාල ගංගා දෙකේ ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව ගලා යෑම, වර්ෂාපතනයෙන් වැටෙන ජලය හේතුවෙන් ගංඟා පිටාර ගැලීම් නවත්වා හම්බන්තොට ඇතුලු ප්‍රදේශ වලට ජලය සැපයිම වෙනුවෙන් මේ යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ඇත.

    Latest News