පක්ෂ නායක රැස්වීම අවසන් - එජාප යෝජනාව අද ඉදිරිපත් නොකෙරේ

දෙසැ 05, 2018

    කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ වූ පක්ෂ නායක රැස්වීම මීට ස්වල්ප මොහොතකට පෙර අවසන් වී ඇත.


    රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබුණ ද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් මේ සඳහා සහභාගී නොවූ බව සඳහන් වේ.

    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු විසින් ඉදිරිපත් කිරීමට සූදානම් තිබූ, විශ්වාසභංග යෝජනාව ඇතුළු පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදුවූ ක්‍රියාවලිය අනුව ඉදිරි පියවර ගත යුතු යැයි ජනාධිපතිතුමාට දැනුම් දෙන යෝජනාව අද ඉදිරිපත් නොකිරීමට පක්‍ෂ නායක රැස්වීමේ දී තීරණය වී තිබේ.

    ඒ අනුව අද පාර්ලිමේන්තුවේ දී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට පක්‍ෂ නායක රැස්වීමේ දී තීරණය වී ඇත.

    අද දිනයේ මේ දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ නොමැත. ඔවුන් ඊයේ (04) දිනයේ දී සදහන් කර සිටියේ අදත් පාර්ලිමේන්තු සභාව වර්ජනය කරන බවයි.

    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 10:48

    Latest News