අලි රෝෂන්ගේ නඩුව දිනපතා විභාගයට

දෙසැ 05, 2018

    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සුප්‍රකට අලි ජාවාරම්කරුවෙකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව පෙබරවාරි මස 13 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව  කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද සම්පත් අබේකෝන් ( සභාපති) සම්පත් විජයරත්න සා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
    එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ වෙත ලබාදිය යුතු ලේඛන සියල්ල ඔවුන් වෙත ලබා දී ඇති අතර නඩු විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.
    ඒ අනුව නඩුව පෙබරවාරි මස 13 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල එදින සාක්ෂිකරුවන් අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.
    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබාගැනීම තුළින් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇති අතර එම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පත්මසිරි සහ අලි පොත භාරව ක්‍රියා කළ ලිපි කාරයෙක් වන  බී.සංජීවනී යන අය ද ඇතුළත් වෙයි.
    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 12:02

    Latest News