ඇල්ලේදී විදේශිකයින් 3ක් තුවාල ලබයි

දෙසැ 20, 2019

    ඇල්ල රොක් ප්‍රදේශයේ විදේශිකයන් නවාතැන් ගෙන සිටි නවාතැන්පොළක් අද (20දා) අලුයම කඩා වැටී එහි නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය පවසයි.

    අලුයම 2.30 ට පමණ පැති බැම්ම සමග කොන්ක්‍රීට් ආවරණය සහිත කොටේජ් එකක් කඩා වැටී මෙම අනතුර සිදුවී ඇත.

    තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු සිටින බව පොලීසිය පවසයි.

     

    Latest News