වර්ෂාව නිසා ජලාශ 26ක වාන් දොරටු විවෘත කෙරේ

දෙසැ 20, 2019

    අධික වර්ෂාව සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 26 ක වාන් දොරටු මේ වන විට විවෘත කර තිබේ.

    එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, නුවරවැව, නාච්චාදූව ඇතුළු ජලාශ 07 ක් ඒ අතර වන බවයි.

    පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිනිමිටිය හා තබ්බෝව ජලාශවල වාන් දොරටු ද විවෘත කර ඇති අතර , දැදුරු ඔය ජලාශයේ ද වාන් දොරටු 04 ක් විවෘත කර ඇති බව ඇය සඳහන් කළේය.

    ලුණුගම්වෙහෙර ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු සංඛ්‍යාව 06 කි.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ රූගම් සහ උන්නච්චිය ජලාශවල වාන් දොරටු ද මේ වන විට විවෘත කර ඇති බව ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළාය.

    Latest News