19 යෙන් ව්‍යාකූලත්වයක්

දෙසැ 05, 2018

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්, රට තුළ ඇතිකර තිබෙන ව්‍යාකූලත්වය විසඳිය නොහැකි තත්වයකට පත්ව ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    එම සංශෝධනයෙන් රට අස්ථාවර කර ඇතැයි ද අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා, “අද හරි කතානායකතුමා නීත්‍යානුකූලව පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූල යෝජනාවක් ගෙන එනවානම් අපි ඒකට මුහුණ දෙන්න ලැහැස්තියි. ඒ දෙන තීන්දුව පිළිගන්න ලැහැස්තියි. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තමයි අපි අගය කරන්නේ. ත්‍රස්තවාදයට වැඩ කරන්න, කැලෑ නීතියට වැඩ කරන්න අපි කැමති නැහැ. හඬට යෝජනාව සම්මත වුණා නම් හෙට අනිද්දට බැරි වෙලාවත් ව්‍යවස්ථාව ගෙනල්ලා කලබලයක් වුණොත් හඬට යෝජනාව ගෙනාවොත් මොකද වෙන්නේ. විශාල අර්බුදයක්. ඒ හින්දා අපි ජනතාවට කියන්න කැමතියි බලෙන් අගමැතිකමක් අරගෙන ආණ්ඩුවක් පිහිටුවගෙන අපිට ඉන්න ඕනෙ කමක් නැහැ. අධිකරණය දෙන තීන්දුව මොකක්ද කියන එක අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒකට අපි අභියෝග කරන්නේ නැහැ“. යැයි ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News