ගල්කිස්ස වෙඩි තැබීමක්; පුද්ගලයෙක් මරුට

දෙසැ 06, 2018

    ගල්කිස්ස - කල්දමුල්ල හංදිය අසළ පිහිටි නිවසක් අසළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

    ඊයේ රාත්‍රී 9.20ට පමණ මුහුණ ආවරණය කරගත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ, 30 හැවිරිදි මොරටුව ප්‍රදේශියේ පදිංචි ළහිරු උදාර සඳරුවන් නමැති පුද්ගලයෙක්. 

    ටී.56 වර්ගයේ තුවක්කුවකින් මෙම පුද්ගලයාට වෙඩිතබා ඇති බවත් මෙම සිද්ධිය පාතාල ගැටුමක් බවට සැකකරන බවත් පොලිසිය පවසයි. මෙම මියගිය පුද්ගලයා ආයුධ ළගතබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ ඇප මත නිදහස්ව සිටි පුද්ගලයකු බව ද පොලීසිය පවසයි.  සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 දෙසැම්බර් 2018 10:01

    Latest News